සරසවිය - නා කපන අනෝරා වැස්සක 

යසිත් කෙළඹිආරච්චි




සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ

ලස්සන මතක අපේ හසරැල් පිරුණු

දුක්බර කඳුළු වලින් පොඟවා නොපැතූ

ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ....


නා කපන අනෝරා වැස්සක අකුණු නිසා

ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා

පොද නතර වෙනා කල් බලමින් අහස දිහා

අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා....


අමතන අංකෙ ම⁣ගේ අවහිර කරලන්නට

ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම

පොඩි හරි ආදරයක් ඇති නම් මේ මා ගැන

තව එක පාරක් මා හමු වන්නට එනවද....


නා කපන අනෝරා වැස්සක අකුණු නිසා

ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා

පොද නතර වෙනා කල් බලමින් අහස දිහා

අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා....


පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට

ඔබ මට නැති වෙයි කියලා බය හින්දයි මම

සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම

ආදරෙ කළ අය අත හැරලා යන විදිහද....


සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ

ලස්සන මතක අපේ හසරැල් පිරුණු

දුක්බර කඳුළු වලින් පොඟවා නොපැතූ

ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ....


නා කපන අනෝරා වැස්සක අකුණු නිසා

ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා

පොද නතර වෙනා කල් බලමින් අහස දිහා

අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා....


Watch on YouTube :


ගායනය : යසිත් කෙළඹිආරච්චි

තනුව :  මිලින්ද සඳරුවන්

සංගීතය : අසිර ප්‍රනාන්දු

ගී පද : සජිත් වී. චතුරංග